Q+A | facebook helping group

කොන්ඩෙට ලයින් එකක් දාමුද?

අපි මේ දේ කරන්න යන්නේ Adobe Photoshop භාවිතයෙන්.මම මෙකට use කරන්නේ Photoshop CS version එක මේදෙයට අනිත් version උනත් use කරන්න පුලුවන්.

1. මුලින්ම Photoshop හරහා හදන්න ඔනි 4to එක open කර ගන්න.යතුරු පුවරුවේ Ctrl + o යොදාගන්න පුලුවන්.

මන් මේ සදහා යොදා ගත්තේ google වලින් හොයාගත්ත මෙන්න මේ 4to එකයි. (4to එක තොරාගන්න කොට කොන්ඩයක් තියේන 4to තොරාගන්න ☺ මොකද අපි කොන්ඩෙටනේ ලයින් එකක් දාන්නේ.☻)





2.දැන් Dodge Tool එක ( යතුරු පුවරුවේ o ) අරන් (Brush: 100px, Range: Highlights, Exposure: 30%) විදිහට සකසා ගෙන කොන්ඩය උඩ Brush කරන්න. පොඩි වෙනසක් දකින්න පුලුවන් වෙයි.

3. දැන් Sharpen Tool එක අරන් පොඩක් කොන්ඩයෙ සමහර තැන් sharpness කරගන්න.

4. ඉට පස්සේ new Layer එකක් අරන් Polygonal Lasso Tool සිලෙට් කරලා මේ රූපේ විදිහට සිලෙක්සන් එකක් දාගන්න.





5. දැන් එකට කැමති පාටක් add කරගන්න. මන් ගත්තේ #f51464 කියන පාටයි.

6. Ctrl + D වලින් සිලෙක්සන් එක අයි කරලා Filter > Blur > Gaussian Blur දෙන්න.
එතකොට මෙහෙම window එකෙන් අපි තොරපු පාට බොද වෙන්න ඔනි ගාන ලබාදෙන්න. මන් Radius එක 8.0 වගේ තමයිදුන්නේ. දැන් ok කරන්න.

දැන් පෙනවානේ වෙනස.







7. මේ කරා වගේ ගැලපෙන පාට ටිකක් කලින් කියලා දුන්නා වගේ new Layer වලට add කරලා. පියවර 6 කිව්වා  වගේ හදාගන්න.




කොහමද වැඩේ ☺ අක්කාගේ දැන් කොන්ඩෙ ලස්සනයි නේද?

අපේ කොන්ඩයට පාටක් add කරන්න කලින් මේ වගේ අපේ 4to එකක් හදලා ඒ පාට අපිට ගැලපෙනවාද කියලා බලන්න පුලුවන්නේ.

වැරදි , අඩුපාඩු එහෙම තිබුනොත් කියන්න හොදේ.
අවුලක් තිබුනොත් අහන්න.
එහෙනම් අයෙත් මේ වගේ වැදගත් දෙයකින් අයෙත් හමුවෙමු.
එතකම් බායි...................


ස්තුතියි..


( Q + A වෙනුවෙන් )


2 comments:

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...