Q+A | facebook helping group

෴QR code සෑදීම සහ කියවීම෴

  සුභ දවසක් යාළුවෝ හැමෝටම.!

QR Code කියන්නේ මොනවද කියලා කලින් දවසක Madusanka Gunawardana යාළුවාගේ ලිපියෙන් පැහැදිලි කරා...ඒක කියවන්න බැරි වුනා නම් පහල තියන ලින්ක් එකෙන් බලන්න...
මෙතන ක්ලික් කරලා කලින් ලිපිය බලන්න.
 එහෙනම් අපි දැන් බලමු QR Code එකක් සකස් කරන විදිය සහ QR Code ඒකක සැඟවී ඇති තොරතුරු බලා ගන්නේ කොහොමද කියලා......
අද කියන්න යන එක නම් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉදගෙන තමයි...අද හැමදේම වගේ ඔන්ලයින් වෙන කාලයේ QR Code එකක් ඔන්ලයින් ඉදගෙන ලේසියෙන්ම නිර්මාණය කර ගන්න විදිය හා QR Code එකක් ඔන්ලයින් ක්‍රමේට කියවලා ඒකේ තියන තොරතුරු බලා ගන්නේ කොහොමද බලමු..........

මුලින්ම කියන්න යන්නේ අපිට ඕන තොරතුරු දාල QR Code එකක් නිර්මාණය කර ගන්න ක්‍රමයයි.
මුලින්ම පහත තියන වේබ් සයිට් එකට යන්න...


ඒකට ගියාම පහලින් දාලා තියන ඡායාරූපයේ තියනවා වගේ එකක් බලා ගන්න පුලුවන් වේවි.



කලින් සටහන් කර වෙබ් සයිට් එකට ගියාට පස්සේ ඉහත ඡායාරූපයේ තියනවා වගේ Your text: කියලා හිස් කොටුවක් ඇති.අන්න එතන ඔයාලට ඕන දෙයක් ටයිප් කරන්න.එතකොට දකුණු පැත්තේ තියන QR කෝඩ් එකත් ඉබේම වෙනස් වේවි.එතන තියන Options කියන එක ක්ලික් කරලා ඕන නම් QR කෝඩ් එකේ පාට එහෙමත් වෙනස් කර ගන්නත් පුලුවන්.ඔයාලට වෙනස් කර ගන්න ඒවා එහෙම වෙනස් කර ගෙන සේරම වැඩ ටික ඉවර වුනට පස්සේ එතනම තියන Download කියන එක ක්ලික් කරලා කලින් අපි ටයිප් කරලා සකස් කර ගත් QR Code එක තියන ඡායාරූපය සේව් කර ගන්න පුළුවන්........

දැන් මේ Code එක තියන ඡායාරූපය කෙනෙකුට නිකන් බලලා මේකෙ තියන පණිවිඩය කියවන්න

අපි නොදන්න ඉංග්‍රීරීසි , සිංහල දන්න අයගෙන් අහමු....

ඔන්න අදත් doc එකක් අරන් ආවා. මේක දැක්ක ගමන් හිතනවා ඇති අදනම්  ඉංග්‍රීරීසි , සිංහල කුප්පියක් දාන්න යනවා කියලා.

හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.....

හිත්පු එක ටිකාක් හරි...

මා දුටු Best ම Best MP3 player එක.....

මේ මාතෘකාව දැක්කහම අපේ යාලුවෝ හිතනවා ඇති අද නම්  Doc එක රචනාවක් තමයි කියලා..

හරි මොනවා හිතාගෙන හරි කමක් නැහැ කියවලා බලන්නකෝ.
 අද කියන්න හිතුනා මට හම්බුනු Best ම  Best MP3 player එක ගැන.

මන් දන්න ඉංග්‍රීසි ටූ සිංහල හැටියට  මේ player එකේ නම කිවුවොත්  "මාධ්‍යය වදුරා" එහෙම නැත්නම් MediaMonkey සමහර අය නම් use කරනවා ඇති.

හිතේ හැටියට ඕනි තරම් Timeline Cover photos

අද මාරම දවසක් නේ....
12.12.12 මේ වගේ දවසක් ආයේ එන්නේ නැහැනේ. මොකද අවුරුද්දට මාස 13ක් නැහැනේ...

අද තවත් වැදගත් කමකුත් Q + A අපිට තියෙනවානේද?

සමහර අයට මතක ඇති Cyber මෙහෙයුමක් ගැන අපි මතක් කරා කියලත්...
ඒ නිසා Cyber මෙහෙයුමකුත් කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සහායෝගය ලැබැයි කියලා.

 හරි එහේනම් අද doc එකට බහිමු.

 Timeline Cover photos කිවුවාහම ඉතින් අයේ අකුරින් අකුර පැහැදිලි කරන්න ඕනි නැහැනේ. fb acc එකක් තියෙනවා නම් ඒ ගැන මටත් කියලා දෙන්න තරම් දන්නවනේ ♦

ඔබගේ දත්ත කොතරම් වටිනවාද? ඒවා තැන තැන අරන්යන්න පුළුවන්ද? ඒවා විනාශ වුනොත් මොකද වෙන්නෙ?

මේ කියන්න යන්නේ Dropbox ගැනයි. දන්න අයත් ගොඩක් ඇති. ඒත් දන්නෙ නැති අය ඊට වඩා වැඩියිනෙ...

Dropbox කියන්නෙ අපේ දත්ත (Data) පරිගණක හෝ ජංගම දුරකතන කිහිපයකින්ම භාවිත කල හැකිවන පරිදි අපගේ දත්ත රදවා තබාගන්නා online cloud storage එකකි. එහිදී සිදුවන්නේ අපගේ files ඔවුන්ගේ Servers වල රදවා තබා ගෙන අප ඉල්ලූ විට නැවත ලබා දීමකි. දත්ත උපස්ථ (data backup) කිරීම සදහාද මෙය බොහෝ වැදගත් වේ. ඔබේ පරිගණකයට හෝ Hard disk වලට කිසියම් හානියක් වුවහොත් මෙවැනි සේවාවක අගය ඉතා විශාලය. තවද යම් ගොනුවක් වෙනත් අයෙකුට යැවීමද පහසුවෙන් කල හැක.

Chinese phones වලටත් GPRS◄◄






මේ දවස් වල chinese pones වැහි වැහැල වගේ කිව්වත් වැරැද්දක් නෑ ඉතින්...... ඒ තරමට බලන බලන කෙනා ගාව chinese phones දකින්න ලැබෙනවා.මේකට ඉතින් ගොඩක්ම බලපාල තියෙන්නෙ මේව අඩු මිලට ගන්න පුළුවන් වීමත්, අඩු මිලට වැඩි පෙනුමක් තියන phone 1ක් ගන්න පුළුවන් 1ත් තමයි. හැබැයි මේව අඩුවට ගත්තට GPRS හදාගන්න ගියාම ගොඩක් අයට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා

පැන්සල-The Pencil




සමහරවිට ඔබ මේ වනවිටත් සිංහල ටයිප් කිරීම සඳහා කුමන හෝ මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති.
එය ඔබගේ කාර්යක්ෂමතාවයට කෙසේ බලපාන්නේ දැයි සිතා බලන්න. එසේම
එය ඔබගේ සියළුම  අවශ්‍යතා සැපිරීමට අපොහොසත් වන අවස්ථාත් ඔබට මතක ඇති.
අද කාලයේ තිබෙන සියළුම සිංහල ටයිප් කරන මෘදුකාංග පාහේ සාදා ඇත්තේ සිංහල යුනිකේත
භාවිතයෙන් සිංහල ටයිප් කිරීමටය. මන්දයත් අන්තර්ජාලය භාවිතයේදී වඩාත් වුවමනා වන්නේ
සිංහල යුනිකේත වන බැවිනි.

නමුත් ඔබ සිංහල යුනිකේත මෙන්ම අනෙකුත් අද කාලයේ පවතින ඕනෑම  සිංහල font වර්ගයකින්
realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක්
සොයමින් සිටියේද? . එයට විසදුම Serandibsoft විසින් සපයා ඇත.

AutoRun නතර කරමුද?

යාලුවනේ විවිධ තාක්ෂණික ගැටලු නිසා මේ දවස්වල මොනවත් ලියන්න බැරි වුනා.
ඔන්න අද එකටත් එක්ක ගෙනාවා ගොඩක්  වැදගත් දෙයක් මේක ගොඩක් වටින්නේ  Win Xp භාවිතා කරන අයට. මමත් pc එක Format කරාට පස්සේ ඉස්සේල්ලාම කරන්නේත් මේ දෙය තමයි. ඒ තමයි   AutoRun එක නතර කරන එක. මේකේ වටිනාකම තමයි අපි pen එකක් ගැහුවාම  Virus වගේ එවා ඉබේම Run වෙන එක අවම විම.

අපි බලමු කොහමද  AutoRun එක නතර කරන්නේ කියලා.

පුලුවන්නම් කරලා පෙන්වන්න !







අද අපි දාපු දවසේ පෝස්ට් ලින්ක් එකත් අලුතින් Folders හදන හැටිනේ  ඒ නිසා Folders වලින්ම  අපේ යාලුවන්ට පොඩි අභියෝගයක් දෙන්න හිතුනා.

Q අභියෝගය මොකක්ද?
A පුලුවන්නම් පහත නම් වලින්  Folders හදලා පෙන්වන්න.

CON , PRN , NUL , AUX
COM1 , COM2 , COM3 , COM4
COM5 , COM6 , COM7 , COM8
COM9 , LPT1 , LPT2 , LPT3
LPT4 , LPT5 , LPT6 , LPT7
LPT8 , LPT9

තාමත් ගැසට් බලන්නේ පරණ විදියටමද?







ඉස්සෙල්ලාම කියන්න ඕනී මම set උනු 1st ගෘප් එක තමයී  Q + A එක
මේකේ ඇඩ්මින් කොල්ලෝ සෙට් එක ( එහේම කිවුවා කියලා මාව ගෘප් එලවයිද දන්නේ නැහැ ) එල වැඩක් පටන් අරගෙන තියෙනවානේ ඩොක් ලියන වැඩක් ඉතින් මටත් පුලුවන් විඩියට පොඩි ඩොක් එකක් ලියන්න ඕනි කියලා හිතුනා. විශේෂයක් තියෙනවා එක තමයී මම ලියන  1st මේක.

මුලින්ම කියනවා වැරදි, වැරදි වගේ ඒවා තියෙනවානම් හිතින් බනින්නේ නැතුව comment එකක් දාලා මූණට කියන්න කියලා.

"මොකක්ද මේ ගැසට් එක" එහෙම අහන්න හිතේන අයට කියන්න ඕනී මේක රජය විසින්  සතිපතා ගහන කොල සෙට් එකක් මේකේ තියෙනවා ඔය වටිනා කියන දේවල් එහේම. වටිනා කියන දේවල් කිවුවේ job වලට දාන්න ඇප්ලිකේශන් එහෙම, රජයේ තීරන එහෙම මේකේ තියෙනවා.

මොකක්ද මේ QR කෝඩ් ?



මොකක්ද මේ කියන QR code ?
අපිට code එකක් කිව්වාහම එක එක code මතක් වෙනවානේ.ඒ අතරේ Barcode එහෙමත් මතක්
වෙනවා නේ. ඒත් ඔය කියන හැම code එකකටම වැඩිය මේ QR code එක වෙනස් වෙනවා.....

අපි බලමු ඒ කොහොමද කියලා.......

සතියේ අඩවිය ලෙස අප තේරූ වෙබ් අඩවි එකම තැනකින්.

ඔයාලට මතක ඇති Jun 1 දින මෙන්න මේ වගේ පෝස්ට් එකක් අපි පලකරා

"යාලුවනේ Q+A සමාජය තීරනය කරලා තියෙනවා සතියකට එක් Blogger අඩවියක් තොරාගෙන එකෙන් දිනකට 1ක් පොස්ට් එකක් තොරාගෙන එහි ලින්ක් එක Q+A හි පල කිරිමට. june මාසයේ අරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.

 ඔයාලා දන්න Blogger අඩවි තියෙනම් comment කරන්න.
ස්තුතියි.
(Q + A වෙනුවෙන්)"

 ඉතින් අපි ඒ කටයුත්ත පටන් ගත්තා Jun 4 මෙන්න මේ වගේ පෝස්ට් එකකින්,

Cannot delete file: Access is denied සඳහා විසඳුම...



වින්ඩොස් වෙතින් දෙන මෙවැනි පණිවිඩ වල රසය ඔබත් අත්විඳ තිබෙනවාට කිසිඳු සැකයක් නැත.

  •   Cannot delete file: Access is denied
  •   There has been a sharing violation.
  •   The source or destination file may be in use.
  •   The file is in use by another program or user.
  •   Make sure the disk is not full or write-protected and that the file is not currently in use.


කොන්ඩෙට ලයින් එකක් දාමුද?

අපි මේ දේ කරන්න යන්නේ Adobe Photoshop භාවිතයෙන්.මම මෙකට use කරන්නේ Photoshop CS version එක මේදෙයට අනිත් version උනත් use කරන්න පුලුවන්.

1. මුලින්ම Photoshop හරහා හදන්න ඔනි 4to එක open කර ගන්න.යතුරු පුවරුවේ Ctrl + o යොදාගන්න පුලුවන්.

මන් මේ සදහා යොදා ගත්තේ google වලින් හොයාගත්ත මෙන්න මේ 4to එකයි. (4to එක තොරාගන්න කොට කොන්ඩයක් තියේන 4to තොරාගන්න ☺ මොකද අපි කොන්ඩෙටනේ ලයින් එකක් දාන්නේ.☻)



Phone එකේ Messag,Contacts,Notes වගේ එවා එක බැකප් කරමුද?




මේක ලියන්න හිතුවේ අද යාලුවෙක් අහලා තිබුනු ප්‍රශ්ණයක්ක් නිසායි.
දැන් වැඩ පටන් ගමු.

අපි මේ දෙය කරන්නේ MyPhoneExplorer කියන Software එක
 use කරලා.
 Sony Ericsson phone වලට මන් මේක use කරලා තියේනවා.ඒ
 වගේම මේහි අලුත් සංස්කරන Android 4n වලටත් සපොට් කරනවා.

මුලින්ම මේ තනින් MyPhoneExplorer Download කර ගන්න.
 http://www.softpedia.com/get/Mobile-Phone-Tools/Sony-Ericsson/MyPhoneExplorer.shtml

software නැතුව photo edit කරමුද?



  • කිසිම දැනුමක් අවශ්‍ය නෑ...
  • විශේෂ software අවශ්‍ය නෑ...
  • මෙන්න තියෙනව පට්ටම වැඩ කෑලි ටිකක්...



අපි ඉන්න Group වලට අපේ යාලුවන් සෙට් පිටින් බැස්සිම.





දන්නවනේ කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා යාලුවෝ Group වලට add කරන්න. 4n එකෙන් එක පාරකට 5යි නේ com එකෙන් නම්  එක පාරකට 20ක් වගේනේ add කරන්න පුලුවන්. දැන් ඉතින් එච්චර කට්ටක් කන්න ඔනි නැහැ.

ඕනෑම කෙනෙකුට තමන්ගෙ සියලූම යහලුවන් එකවරම ඕනෑම ගෲප් එකකට එකතු කරගැනීමේ පහසුම ක්‍රමයක් මෙන්න.පහත පියවර කිහිපය අනුගමනය කරන්න.

පොඩි fun එකක් ගමුද?


නොදන්නා අය සදහා පමනි.
මම කියන්න යන්නේ Error Message එකක් හදා ගන්නෙ කොහොමද කියලා.

මුලින්ම notepad එකක් අරගෙන මෙ cod එක paste කරන්න.

x=msgbox("Please replase User",5+16,"User Error")

Unicode with Madura dictionary and Google



*Man ada kiyanna yanne  apita oni Sinhala wachana wala themuma dena English wachanaya soyaganna vidiha and Google walin Sinhalen Search karana heti.

* Me mn kiyanna yana deya 4n walin net yana ayata visesayi. ( මං කියන්න යන දෙය ෆෝන් වලින් net යන අයට විශේෂයි. )

*mn sinhalen type karana nisa ha me waedeta Sinhala penna oni nisa sinhala pennethi ayata opermini use karala sinhala penna hada ganna heti kiyalama wede patan gamu.

හායි යලුවනේ!
මම මේ group එකට ලියන දෙවන doc එක.

යලුවෝ බලනවා ඇති මොනවා ගැනද කියන්න යන්නෙ කියලා. අනික මු සිංහල , singlish වලින් ටයිප් කරන නිසා.

සිංහල පේන අයට මේ 1,2,3 පියවර ඔනි නැහැ.

Hibernate කරමුද? ( for xp and Seven)

"Hibernate" නම ඇහුව ගමන් දන්න අයත් ඇති. ඒත් මේක කවදාවත් අහපු නැති අයත් ඇති. "Hibernate" කියන එකේ තේරුම තමයි සිසිලනය (සිසිලතරනය) කරනව. ඇත්තටම windows වලදි නම් සිද්ධ වෙන්නෙ අපි කර කර හිටපු වැඩ ඒ විධියටම තියෙද්දි computer එක off කිරීම. ආයෙත් on කරනකොට කලින් තිබ්බ දේවල් ඒ විධියම තියෙනව. ඈ කියන්නෙ open කරල තිබ්බ softwares. files වගේ හැම දෙයක්ම. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව. අපි වැඩක් කරන ගමන් වෙන දේකට යන්න උනොත් කරන්නෙ shutdown කරන එක හෝ එහෙන්මම තියල යන එකනෙ. shutdown කරොත් ආයෙ පටන් ගන්න ගියාම එපා වෙනව. එහෙමම තියල ගියොත් අපරාදෙ විදුලිය අපතෙ යනව. Laptop වල battery බැස්සාමත් මේක ගොඩක් වැදගත්.

හැබැයි මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙනව සමහර වෙලාවට Hibernate කරල on කරනකොට විවිධ ප්‍රශ්න එනව. තව දෙයක් තමයි සමහර computer වල hardware වලට Hibernate support නෑ. අපි දැන් බලමු Hibernate හදා ගන්නෙ කොහොමද කියල.

රෙදි වල චිත්‍ර අදිමුද?

රෙදි වල චිත්‍ර අදිමුද කිව්වාහාම හිතනවා ඇති අද ඩොක් එක චිත්‍ර පාඩමක් කියලා. :ඩි
නැහැ මේක කරන්න හදන්නේ photoshop වලින් මන් මේ සදහා use කරන්නේ photoshop cs අනිත් සංස්කරන වලදිත් සිදුකරන්න පුලුවන්.

1. මුලින්ම ගැලපෙන 4to එකක් තෝරා ගන්න. ඒ කිව්වේ ආලෝකය වැඩ් එකක්.
මන් ගත්තේ මේක.



කාටවත් ඇණයක් නොවි අපිට ඕනි Serial Key,Keygen,Patch ඕනිම Software එකකට අපිම සොයාගමු.


Q =

1.මතන්ලා මට photoshop cs 6 වලට Keygen හොයාලා දියන්කො...

2.අනේ යාලුවනේ මට IDM වලට Keygen or Patch එකක් හොයලා දෙන්නකො plZ..............

3.Hi friend මම win 7 හොර කොපියක් දැම්මා ඒකට හරියන Product Keys,Activation Key එකක් හොයලා දෙන්නකො........


මේ වගේ post දවසකට කොපමණ post කරනවාද?
මේවට help කරලම එපා වේනවා ☺
ඕනිම Software එකක Serial Key,Keygen,Patch හොයාගන්න කරන්න තියේන්නේ පොඩිම පොඩී දේයක්.

ThE හයිලයිට් කිරිම.

මේකත් අපි කරන්නේ Photoshop භාවිතා කරලා
මං භාවිතා කරන්නේ Photoshop CS5. මේක Photoshop CS වලින් උනත් කරන්න පුලුවන්.

1.මුලින්ම ගැලපෙන 4to එකක් තෝරගන්න.
මන් තෝරාගත්තේ මේන්න මේක. ලස්සන ජෝඩුක්නේද? හි හි හි












2.ඒක Photoshop වලින් open කරගන්න.

අපි යවපු friend requests cancel කරන්න හොඳම ක්‍රමය...

ඔන්න අද ගෙනාවෙ ෆේස් බුක් එකේ වැඩිපුර friend requests යවන අයට හොඳ ආරංචියක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ අපි යවපු එහෙත් confirm නොකරපු friend requests ටික cancel කරගන්නෙ කොහොමද කියන එක. ඒකට එක එක විසදුම් ගෙනාවත් ඒව එකක්වත් 100% සාර්ථක  නෑ. නමුත් මං අද කියන ක්‍රමය 100%ක්ම සාර්ථකයි.

ඔයා පළමුවෙන්ම කරන්න ඕන facebook Account settings වලට ගිහිල්ල Download a copy of your Facebook data කියන එක open කරන එක. දැන් එන page එකෙ පහලින් තියෙනව "expanded archive" කියල ලින්ක් එකක්, අන්න ඒක උඩ click කරල ඉස්සරහට ගියහම ඔයාගෙ fb password එක අහයි. ඒක දුන්නම වැඩේ පටන් ගන්නව. ඕක ඉවර වෙලා email එකක් එවාවි. එතකල් ටිකක් ඉන්න. ස්මහර විට පැය කිහිපයක් ගත වෙනව.

මැෂින් එක ෆෝමැට් කරාද? ඩ්‍රයිව(ර්)ස් නැද්ද? මෙන්න විසදුම (අදාල මැෂින් එකෙහි ඉන්ටර්නෙට් තිබිම අවශ්‍ය නොවේ)

පළමුවෙන්ම පොඩි දෙයක් කියන්න ඕන. Net එකේ search පාරක් දැම්මොත් Drivers හොයල දෙන softwares ගොඩක් ඔයාලට හම්බ වෙයි. නමුත් ගොඩක් ඒවට අදාල මැෂින් එකෙහිඉන්ටර්නෙට් තිබිම අත්‍යවශ්‍ය වෙනව, එහෙම නැත්තම් online registration තියෙනව (online registration තියෙන ඒව සල්ලි නොගෙවා රැවටීමට කිසිම ක්‍රමයක් නෑ). නමුත් මං අද කියන ක්‍රමේදි අදාල මැෂින් එකෙහි ඉන්ටර්නෙට් තිබිම අවශ්‍ය වෙන්නෙත් නෑ, සල්ලි ගෙවන්න ඕනත් නෑ.

මුලින්ම ඔයාට internet යන්න පුලුවන් මොකක් හරි විධියකින් (ජංගම දුරකතනය වුවත් සෑහේ) ගිහිල්ල මේ file එක (http://www.driverchecker.com/DriverChecker_Setup.exe) download කරල, අදාල මැෂින් එකට කොපි කරගන්න.
**මෙම software එක පහත සියලුම මෙහෙයුම් පද්ධති සඳහා ගැලපේ.
  • Windows7 64bit/32bit
  • WindowsVista 64bit/32bit
  • WindowsXP 64bit/32bit.

කොම්පියුටරේ ගත්තෙ වෛරස් ගාඩ් එක දුවන්න විතරද?

කවුරු කොහොම කීවත් ලංකාවෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ නවීන පන්නයේ සුපිරි පරිගණක නෙවෙයිනෙ. ඉතින් අපේ අයගෙ පරිගණක වලට වෛරස් ගාඩ් එකක් දැම්මම වෙන වැඩක් කරගන්න ගියාම, ගොඩක් අයට වෛරස් ගාඩ් එක හදපු අයගෙ දෙමව්පියො මතක් වෙන එක අරුමයක් නෙවෙයි. ඒවගේම මේවගෙන් සමහරක් අපේ පරිගණකය අයිති කරගෙන වගේ හිටියට කිසිම වැඩකුත් නෑ, කිසිම වෛරස් එකක් අල්ලන්නෙ නෑ. තවත් ප්‍රශ්නයක්නෙ මේව update කරන එක, සමහර ඒව update වෙන්න ගියාම ගොඩක් data download කරනව. මේකට ගොඩක් වෙලා යනව වගේම සාක්කුවටත් බරක්නෙ. :)