Q+A | facebook helping group

කොම්පියුටරේ ගත්තෙ වෛරස් ගාඩ් එක දුවන්න විතරද?

කවුරු කොහොම කීවත් ලංකාවෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ නවීන පන්නයේ සුපිරි පරිගණක නෙවෙයිනෙ. ඉතින් අපේ අයගෙ පරිගණක වලට වෛරස් ගාඩ් එකක් දැම්මම වෙන වැඩක් කරගන්න ගියාම, ගොඩක් අයට වෛරස් ගාඩ් එක හදපු අයගෙ දෙමව්පියො මතක් වෙන එක අරුමයක් නෙවෙයි. ඒවගේම මේවගෙන් සමහරක් අපේ පරිගණකය අයිති කරගෙන වගේ හිටියට කිසිම වැඩකුත් නෑ, කිසිම වෛරස් එකක් අල්ලන්නෙ නෑ. තවත් ප්‍රශ්නයක්නෙ මේව update කරන එක, සමහර ඒව update වෙන්න ගියාම ගොඩක් data download කරනව. මේකට ගොඩක් වෙලා යනව වගේම සාක්කුවටත් බරක්නෙ. :)



ඔන්න ඉතින් අද මම කියන්නෙ වැඩි කරදරයක් නැතුව ඕනෙම පරිගණකයක දුවන්න පුලුවන්, හොඳින් වෛරස් අල්ලන, ලේසියෙන් update කරන්න පුලුවන් වෛරස් ගාඩ් එකක් ගැනයි. මේක ගැන දන්න අය වගේම නොදන්න අයත් ගොඩක් ඇති. ඒකෙ නම තමයි ESET NOD32 Antivirus. මේක නොමිළයේ දෙන එකක් නම් නෙවෙයි, ඉතින් ලංකාවෙ අපි කවදත් කරනව වගේ ඒකත් රවට්ටල අපි අපේ වැඩේ කරගමු.

පළමු වෙන්ම මෙතන ක්ලික් කරල ESET බාගන්න. මේක ගොඩක් ලොකු නෑ, 52.3MB විතරයි.
 (IDM භාවිත කල හැකි නමුත් පළමුවෙන්ම මෙම URL එක browser එකෙහි open කර download කිරීමට ඉඩ දෙන තුරු සිටින්න.)
දැන් download කරගත් setup file එක install කරගන්න. අවසානයේ පහත රූපයේ ආකාරයේ window එකක් ඔබට ලැබෙනු ඇත.

මෙම රූපයේ පෙන්වා ඇති ආකාරයට "Activate using a username and password" යන විකල්පය තෝරා next කරන්න. එහි පහත දක්වා ඇති username සහ password යුගල දෙකෙන් එකක් ඇතුලත් කොට ok කරන්න. මෙම ක්‍රියාවලිය සාර්ථක යැයි පෙන්වූ පසු පරිගණකය restart කරන්න. (*මෙම අවස්ථාවේදී පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම අවශ්‍ය වේ)  
Username1: EAV-68046939
Password1: 7v42j54xef

Username2: EAV-27959223
Password2: f657a3jr3b


(මේවා expire උනොත් මෙතනින් උණු උණු ඒව ගන්න)

දැන් ඇත්තෙ update කිරීමයි. ඒ සදහා ESET open කර එහි වම්පස ඇති update මත click කර Virus signature database update සහ Product update විධාන දෙකම ලබා දෙන්න. මෙහිදි 10MB ට වඩා අඩු data ප්‍රමාණයක් download වීම සිදුවේ. දැන් ඉතින් වැඩේ ගොඩ. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට ස්වයංක්‍රීයවම update විමේ ක්‍රියාවලිය සිදුවේ. (*මෙහිදී ඉතා සුලු data ප්‍රමාණයක් download වීම සිදුවන නිසා කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේ.)

එහෙනම් මම නවතිනව. ආයෙත් වැදගත් ලිපියකින් හමුවෙමු.
(Rksk Ekanayaka විසින් Q+A වෙනුවෙනි.)

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...