Q+A | facebook helping group

මා දුටු Best ම Best MP3 player එක.....

මේ මාතෘකාව දැක්කහම අපේ යාලුවෝ හිතනවා ඇති අද නම්  Doc එක රචනාවක් තමයි කියලා..

හරි මොනවා හිතාගෙන හරි කමක් නැහැ කියවලා බලන්නකෝ.
 අද කියන්න හිතුනා මට හම්බුනු Best ම  Best MP3 player එක ගැන.

මන් දන්න ඉංග්‍රීසි ටූ සිංහල හැටියට  මේ player එකේ නම කිවුවොත්  "මාධ්‍යය වදුරා" එහෙම නැත්නම් MediaMonkey සමහර අය නම් use කරනවා ඇති.


 මේ player එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ  MP3 අහන්න. Sound මරු . එකනේ මුලින්ම අහන්නේ. කොහමත් සින්දු තියෙන්නේ අපේ ෆයිල් වලනේ කරන්න තියෙන්නෙ වම් අත පැත්තේ තියෙන ලිස්ට් එකෙන් ඒ සිංදු ෆයිල් එක තොරලා දෙන්න. එතකොට මැද තීරුවේ එතන තියෙන සින්දු ටික වැටෙනවා දැන් තියෙන්නේ play කරන එක.ඒත් එක්කම යටින් වැටෙනවා ඒ ෆයිල් එකේ තියෙන සින්දු ගාන, සයිස් එක , ඒ වගේම කොචචර වෙලාවක් ඒ සින්දු ටික play වෙනවද කියලා

MediaMonkey player එකෙ තියෙන විශේෂතාවයන් කිවුවොත්.

* අමුතුවෙන් play ලිස්ට් හදන්න ඕනි නැහැ කලින් කිවුව විදිහට සින්දු අහා අහා ඉදලා stop කරලා player එක අනි කරත් අවුලක් නැහැ  අයේ player එක open කරපු වෙලාවක අපි නතර කරපු සින්දුවේ ඉදන්න අහන්න පුලුවන්. ඒක කොච්චර පහසුවක්ද අපිට

* සින්දුවක් play වෙද්දිම  delete, rename කරන්න තව සින්දුව ගැන අනම් මනන් විස්තරයක් ඇඩ් කරන්න වගේ දේවල්.

* සින්දුව හොදනම් තරුවක් දාන්න, ඒ සින්දුව වෙන තැනකට send කරන්න වගේ දේවල්.

* වැද ගත්ම දෙයක් තමයි අපේ play ලිස්ට් එකේ සින්දු Search කරන්න පුලුවන්.

* තව ඉතින්  Equalizer කියලා මොකක්දෝ එකකුත් තියෙනවා. :ඩී

තව එකී මෙකී නොකී වැඩ තියෙනවා ඔයාලත් use කරනකොට බලන්නකෝ.
 සින්දුවකට අරවා මෙවුවා කරනවානම් සින්දුව උඩ Right ක්ලික් කරලා කරන්න පුලුවන්.

මන් මුලින්ම කිවුවානේ මේක  හදලා තියෙන්නේ විශේෂයෙන්ම හදලා තියෙන්නේ  MP3 අහන්න කියලා සමහර අය අහයි හූ හූ මේකේ video වැඩ නැහැ කියලා.
ඒකට පොඩි ගැජට් එකක් mediamonkey සයිට් එකේම දීලා තියෙනවා.
මට මතක විදියට ablooper20 වගේ නමක් පොඩක් සයිට් එකේ බලුවාහම හොයාගන්න පුලුවන්.

ඔක්කොම කිවුවා බාගන්න තැනක් කිවුවේ නැහැනේ
 මෙන්න
http://www.mediamonkey.com/download/?dir=download

එහෙනම් බාගෙන බලන්න.
අපි ගියා
ස්තූති.........


Madusanka Gunawardana
Madusanka Gunawardana
(Q + A වෙනුවෙන් )

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...