මේ කියන්න යන්නේ Dropbox ගැනයි. දන්න අයත් ගොඩක් ඇති. ඒත් දන්නෙ නැති අය ඊට වඩා වැඩියිනෙ...
Dropbox කියන්නෙ අපේ දත්ත (Data) පරිගණක හෝ ජංගම දුරකතන කිහිපයකින්ම භාවිත කල හැකිවන පරිදි අපගේ දත්ත රදවා තබාගන්නා online cloud storage එකකි. එහිදී සිදුවන්නේ අපගේ files ඔවුන්ගේ Servers වල රදවා තබා ගෙන අප ඉල්ලූ විට නැවත ලබා දීමකි. දත්ත උපස්ථ (data backup) කිරීම සදහාද මෙය බොහෝ වැදගත් වේ. ඔබේ පරිගණකයට හෝ Hard disk වලට කිසියම් හානියක් වුවහොත් මෙවැනි සේවාවක අගය ඉතා විශාලය. තවද යම් ගොනුවක් වෙනත් අයෙකුට යැවීමද පහසුවෙන් කල හැක.
අප සතු කිනම් හෝ උපකරණයක අදාල ගොනුවක වෙනසක් සිදුකල විට, අනෙක් සියල්ලේමද එම වෙනස ස්වයංක්‍රීයවම සිදුවීම මෙහි ඇති ප්‍රධාන වාසියයි. තවද අපට ලෝකයේ කොතැනක සිට වුවද අපේ දත්ත වලට පිවිසිය හැකිවීම වඩා වාසිදායකය. එසේම ජංගම දුරකතන සඳහා සහය දැක්වීම, 16GB දක්වා නොමිළයේ ඉඩ (space) ලබාදීම වැනිදේ වැදගත් වේ.
මෙය Windows, Mac OSX සහ Linux වලට සහය දක්වන අතර Android, iPad, iPhone සහ Blackberry සදහාද සහය දක්වයි.
මෙහිදී අපට මුලින්ම නොමිළයේ ලැබෙන්නෙ 2GB ඉඩකි, නමුත් අප යහළුවන් Dropbox වෙත යොමුකර එක් අයෙකු සඳහා 500MB බැගින් අමතර ඉඩ ලබාගත හැක (උපරිමය 16GB වේ). තවත් ඉඩ අවශ්‍ය නම් මුදල් ගෙවීමට සිදුවේ.
මා පහල ලබාදෙන ලින්ක් එක භාවිතා කර ලියාපදිංචි වන්නේ නම් ඔබට ආරම්භක ඉඩ ලෙස 2.5GB ලැබෙනු ඇති, නැතිනම් ඔබට ලැබෙනුයේ 2GB පමණි.
මුලින්ම http://db.tt/IyJeGNfO (2.5GB link) මෙතනින් ගොස් Dropbox සඳහා ලියාපදිංචි වී අදාල Software එක download කරගෙන, install කරගන්න. පහල වීඩියෝවේ විස්තර ඇත.
http://www.youtube.com/watch?v=T9kYKzOx_vE
(මෙහිදී Dropbox location යනු Dropbox වීමට අවශ්‍ය දත්ත තබන folder එකඉ. එය ඔබට කැමති තැනක් තෝරන්න.)
install වීම අවසානයේ system tray එකට Dropbox icon එක පැමිණෙනු ඇත. එය click කර Open Dropbox folder තේරූවිට open වන folder එකට, Dropbox වීමට අවශ්‍ය දත්ත පිටපත් කර තබන්න. sub folders සෑදීමට ද හැක. ඔබ වෙනත් පරිගනකයක හෝ දුරකතනයක Dropbox install කලහොත් මෙම දත්ත එය වෙතද පැමිණේ.
එසේම යම් ගොනුවක් වෙනත් අයෙකුට යැවීමට අවශ්‍යනම් Dropbox folder තුල ඇති Public folder එකට එය පිටපත් කර, අදාල file එක මත Right click කර Dropbox > Copy public link තේරූපසු, අදාල ලින්ක් එක කොපි වේ. දැන් එය ඕනෑම තැනක paste කල හැක. එම ලින්ක් එක මගින් ඕනෑම අයෙක්ට අදාල file එක download කරගත හැක.
ඔබේ ඉඩ ප්‍රමාණය වැඩි කරගැනීමට පහල ලින්ක් එකෙන් ගොස් අදාල ලින්ක් එක ලබාගෙන, යහලුවන් අතරේ බෙදාහරින්න.
සැ.යූ: online cloud storage සේවාව ලබාදෙන බොහෝ වෙබ් අඩවි ඇත. මේ අතුරින් Dropbox විශේෂ වන්නේ 16GB දක්වා නොමිළයේ ඉඩ ලබාදීම හා ස්වයංක්‍රීය බව නිසාය.
එහෙනම් කතාව අදට ඉවරයි. ප්‍රශ්න තියෙනම් අහන්න.
(Q + A වෙනුවෙන්)
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...