Q+A | facebook helping group

෴QR code සෑදීම සහ කියවීම෴

  සුභ දවසක් යාළුවෝ හැමෝටම.!

QR Code කියන්නේ මොනවද කියලා කලින් දවසක Madusanka Gunawardana යාළුවාගේ ලිපියෙන් පැහැදිලි කරා...ඒක කියවන්න බැරි වුනා නම් පහල තියන ලින්ක් එකෙන් බලන්න...
මෙතන ක්ලික් කරලා කලින් ලිපිය බලන්න.
 එහෙනම් අපි දැන් බලමු QR Code එකක් සකස් කරන විදිය සහ QR Code ඒකක සැඟවී ඇති තොරතුරු බලා ගන්නේ කොහොමද කියලා......
අද කියන්න යන එක නම් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉදගෙන තමයි...අද හැමදේම වගේ ඔන්ලයින් වෙන කාලයේ QR Code එකක් ඔන්ලයින් ඉදගෙන ලේසියෙන්ම නිර්මාණය කර ගන්න විදිය හා QR Code එකක් ඔන්ලයින් ක්‍රමේට කියවලා ඒකේ තියන තොරතුරු බලා ගන්නේ කොහොමද බලමු..........

මුලින්ම කියන්න යන්නේ අපිට ඕන තොරතුරු දාල QR Code එකක් නිර්මාණය කර ගන්න ක්‍රමයයි.
මුලින්ම පහත තියන වේබ් සයිට් එකට යන්න...


ඒකට ගියාම පහලින් දාලා තියන ඡායාරූපයේ තියනවා වගේ එකක් බලා ගන්න පුලුවන් වේවි.



කලින් සටහන් කර වෙබ් සයිට් එකට ගියාට පස්සේ ඉහත ඡායාරූපයේ තියනවා වගේ Your text: කියලා හිස් කොටුවක් ඇති.අන්න එතන ඔයාලට ඕන දෙයක් ටයිප් කරන්න.එතකොට දකුණු පැත්තේ තියන QR කෝඩ් එකත් ඉබේම වෙනස් වේවි.එතන තියන Options කියන එක ක්ලික් කරලා ඕන නම් QR කෝඩ් එකේ පාට එහෙමත් වෙනස් කර ගන්නත් පුලුවන්.ඔයාලට වෙනස් කර ගන්න ඒවා එහෙම වෙනස් කර ගෙන සේරම වැඩ ටික ඉවර වුනට පස්සේ එතනම තියන Download කියන එක ක්ලික් කරලා කලින් අපි ටයිප් කරලා සකස් කර ගත් QR Code එක තියන ඡායාරූපය සේව් කර ගන්න පුළුවන්........

දැන් මේ Code එක තියන ඡායාරූපය කෙනෙකුට නිකන් බලලා මේකෙ තියන පණිවිඩය කියවන්න
බෑ.ඒක නිසා අපිට මේක කෙනෙකුට කෙලින්ම කියන්න බැරි යමක් නොකියා කියන්න වගේ වැඩ වලටත් යොදා ගන්න පුළුවන්...ගැමි භාෂාවෙන් කියනවනම් වහෙන් ඔරව කියනවා කියන්නේ ඕකට තමයි.:)

මේ QR Code එක හැදුව වගේනෙවේ කියවගන්න පුළුවන් වෙන්නත් එපැයි.ඔන්න දැන් අපි කියන්න යන්නේ මේ වගේ Code එකක් කියවන්නේ කොහොම ද කියලා.එකටත් අපි තව වෙබ් සයිට් එකක් යොදා ගන්නවා.අපිට මේ Code කියවන්න පුළුවන් වෙබ් අඩවි ලින්ක් 2ක්  පහලින් දානවා.
  
1 . http://www.patrick-wied.at/static/qrgen/


2 . http://zxing.org/w/decode.jspx

1 වෙනි ලින්ක් එකට ගියාම මේ වගේ එකක් තමයි එන්නේ.

 එතන තියන I want to decode a QR code! කියන එක ක්ලික් කරන්න.එතකොට මෙන්න මේ වගේ එකක් ඒවි.

එතන තියන Browse කියන එකෙන් QR code එක තියන ඡායාරූපය තියන තැන තෝරල දීලා Upload කියන එක ක්ලික් කරන්න.එතකොට QR Code එකේ තියන තොරතුරු එතන පෙන්නාවි.

2වෙනි ලින්ක් එකට ගියාම එන්නේ මේ වගේ එකක්.

එකෙත් කලින් එකේ වගේම Browse කියන එකෙන් QR code එක තියන ඡායාරූපය තියන තැන තෝරල දෙන්න.ඊට පස්සේ එතන තියන Submit Query කියන එක ක්ලික් කරන්න.එතකොට ඒකෙත් කලින් එකේ වගේම QR Code එකේ තියන තොරතුරු ටික පෙන්නාවි
මේ වෙබ් සයිට් 2න් කැමති එකකට ගිහිල්ලා වැඩේ කරලා බලන්න...

හරි ඔන්න එහෙ නම් අපි හදා ගත්ත QR code එකක්  පහලින් දානවා.ඔයාලට මේ ඩොක් එකේ කියපු එක තේරුනාද බලන්නත් එක්ක පුළුවන් නම් ඒ QR code එකේ අපි සටහන් කරලා තියෙන්නේ මොකක් ද කියලා හොයා ගෙන Comment කරන්න.

එහෙනම් යාළුවනේ නැවත දවසක හමුවෙමු.......
- Sampath Galle -

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...