මොකක්ද මේ කියන QR code ?
අපිට code එකක් කිව්වාහම එක එක code මතක් වෙනවානේ.ඒ අතරේ Barcode එහෙමත් මතක්
වෙනවා නේ. ඒත් ඔය කියන හැම code එකකටම වැඩිය මේ QR code එක වෙනස් වෙනවා.....
අපි බලමු ඒ කොහොමද කියලා.......
- මෙහි පෙනුම ගත්තාහම සුදු පාට පසුබිමක කළු පාට තිත් රටාවකින් සමචතුරශ්‍රා කාර ප්‍රදේශයක පැතිරි තියෙනවා.
- Barcode වැනි code කියවිමට විශේෂ රීඩර් එකක් අවශය වුනත් මේ QR code කියවිම සඳහා විශේෂ රීඩර් එකක් අවශය වෙන්නේ නැහැ . අපි use කරන Mobile Phone එකෙන්ම කියවා ගන්න පුලුවන්. ඒ කට අවශය වෙන්නේ app එකක් පමණි.
- QR code කියවීමට කල යුත්තේ ඒ සඳහා සකස් කල app එකක් install කල Mobile Phone එකකින් QR code එකක් ඡායාරූප ගත කිරීම පමනී.
- අනිත් code එකකට වඩා කුඩා ඉඩ ප්‍රමාණයක වැඩි තොරතුරු ප්‍රමාණයක් දාන්න පුලුවන්. ඉලක්කම් වලින් කිවුව්වොත් 7089 පමණ වචන වලින් කිව්වොත් 4296 පමණ
- තවත් වැදගත් අංගයක් වෙන්නේ මේහි පවතින Error Correction ගුණයයී එනම් QR code එකේ කොටස් මැකී ගියද,එහි අඩංගු තොරතුරු කියවීමේ හැකියව පාවතිනවා.
- මෙම code ඉක්මනින් කියවීමේ හැකියාවක් පවතිනවා . ඒ නිසාමයි Quick Response කියන නමේ මුල් අකුරු වලින් QR කියන කොටස යොදාගෙන තියෙන්නේ.
මෙම QR code නිර්මාණය කරලා තියෙන්නේ 1994 දී ජපානයේ Denso Wave සමාගම විසිනී. ඒ ඔවුන්ගේ වාහන අමතර කොටස් වල තොරතුරු සටහන් කර ගැනීමේ ක්‍රමයක් වශයේනි. මෙහි පේටන්ට් අයිතිය Denso Wave සමාගම සතුවේ.
ලංකාව තුල QR code භාවිතය අඩු වුනත්( මට හිතෙන විදියට අපේ රටේ විදේසිය දේවල් use නොකරන ප්‍රතිපත්තියක් තියෙනවා ලුනේ , ඒ නිසා වෙන්නැතී. :D) විදේශිය රට වල ඉතාමත් විශාල
වෂයෙන් use කරනවා.
එහෙනම් ඉතින් අපි ගියා.
ස්තූති............
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...