Q+A | facebook helping group

Chinese phones වලටත් GPRS◄◄






මේ දවස් වල chinese pones වැහි වැහැල වගේ කිව්වත් වැරැද්දක් නෑ ඉතින්...... ඒ තරමට බලන බලන කෙනා ගාව chinese phones දකින්න ලැබෙනවා.මේකට ඉතින් ගොඩක්ම බලපාල තියෙන්නෙ මේව අඩු මිලට ගන්න පුළුවන් වීමත්, අඩු මිලට වැඩි පෙනුමක් තියන phone 1ක් ගන්න පුළුවන් 1ත් තමයි. හැබැයි මේව අඩුවට ගත්තට GPRS හදාගන්න ගියාම ගොඩක් අයට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා

.මොකද වෙන PHONE වලට වගේ මේවට settings message වලින් එන්නෙ නැති නිසා ඒක නිසා මම හිතුව GPRS settings හදන හැටි DIALOG & MOBITEL කට්ටියට කියල දෙන්න,Dialog KITසදහා....Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. GPRS එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් ‍තෝර ගන්න.ඕනම් එකක්.ඊට පස්සෙ මෙහෙම වෙනස් කරගන්නaccount name : Dialog APN : ppwap user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) auth type : normal ඊට පස්සේ ඒක save කර ගන්න.දැන් menu එකේ services වල wap එකට යන්න. (dual sim එකක්නම් SIM එක ‍තෝර ගන්න.) එතනින් settings ‍තෝර ගන්න. යටින්ම තියන Edit profile ‍තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් ‍තෝරගෙන edit කරන්න. Dialog සඳහා… account name : Dialog Wap (ඕන නමක්) home page : www.dialogwap.com data account : Dialog (කලින් හදපු එක.) connection type : WAP IP address: 192.168.122.002 security: off user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න)දැන් ඉතින් වැඩේ හරි යන්න ඕනි!!! හරි ගියාද කියල දැනගන්න Home page load කරල බලන්න.Mobitel Wap සඳහා....Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න.ඒකෙ data account select කරගන්න.GPRS එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් ‍තෝර ගන්න.ඕනම් එකක්.ඊට පස්සෙ මෙහෙම වෙනස් කරගන්නaccount name : Mobitel APN : mobitel3g user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) auth type : normal ඊට පස්සේ ඒක save කර ගන්න. දැන් menu එකේ services වල wap එකට යන්න. (dual sim එකක්නම් SIM එක ‍තෝර ගන්න.) එතනින් settings ‍තෝර ගන්න. යටින්ම තියන Edit profile ‍තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් ‍තෝරගෙන edit කරන්න. … account name :Mobitel Wap (ඕන නමක්) home page : wap.mobitel.lk data account : Mobitel (කලින් හදපු එක.) connection type : WAP IP address: 192.168.122.002 security: off user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) දැන් ඉතින් වැඩේ හරි යන්න ඕනි!!! හරි ගියාද කියල දැනගන්න Home page load කරල බලන්න.

ස්තූති......
ලිවුවේ කිවුවේ
Lamith Shalitha Rathnayake

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...