සමහරවිට ඔබ මේ වනවිටත් සිංහල ටයිප් කිරීම සඳහා කුමන හෝ මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති.
එය ඔබගේ කාර්යක්ෂමතාවයට කෙසේ බලපාන්නේ දැයි සිතා බලන්න. එසේම
එය ඔබගේ සියළුම අවශ්‍යතා සැපිරීමට අපොහොසත් වන අවස්ථාත් ඔබට මතක ඇති.
අද කාලයේ තිබෙන සියළුම සිංහල ටයිප් කරන මෘදුකාංග පාහේ සාදා ඇත්තේ සිංහල යුනිකේත
භාවිතයෙන් සිංහල ටයිප් කිරීමටය. මන්දයත් අන්තර්ජාලය භාවිතයේදී වඩාත් වුවමනා වන්නේ
සිංහල යුනිකේත වන බැවිනි.
නමුත් ඔබ සිංහල යුනිකේත මෙන්ම අනෙකුත් අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින්
realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක්
සොයමින් සිටියේද? . එයට විසදුම Serandibsoft විසින් සපයා ඇත.
මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ.
මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. නමෙන්ම කියවෙන පරිදි ඕනෑම ස්ථානයක
සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .
මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.
දනට නිර්මාණය වී ඇති සියළුම සිංග්ලිශ් මෘදුකාංග වල ගුණ එක්කොට මෙය නිමවා ඇත.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන්
ටයිප් කර එක් වරක් Space එක එබීම පමණි. අනෙකුත් සියළුම දේ පැන්සල බලාගනු ඇත .Google IME වල දක්නට ඇති ටයිප් කරන තැනට autoPosition වීමද මෙහි ඇත.
මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
Office Mode :
ඔෆිස් මොඩ් එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,
After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල ටයිප් කිරීමටය.
මෙය භාවිතා කොට "FMDerana,FMAbhaya,AM_Arjune,DL-Manel" වැනි
දැනට තිබෙන ඔනෑම font එකකින් Realtime සිංහල ටයිප් කළ හැක . එමෙන්ම මෙම ෆොන්ට්ස් වලට තමන්ට කැමති ඕනෑම effects හා styles ද යෙදිය හැක.
Unicode Mode:
මෙම මොඩ් එක භාවිතා කරන්නේ සාමාන්‍ය පරිදි සිංහල යුනිකේත ඇසුරින් සිංහල ටයිප්
කිරීම සඳහාය. සිංහලෙන් බ්ලොග් කිරීමටත් ෆේස්බුක් සිංහලෙන් චැට් කිරීමටත් මීටත් වඩා අගනා මෘදුකාංගයක් නොමැත.පැන්සල භාවිතා කිරීම මඟින් කාලය බොහෝ සේ ඉතුරු කරගත හැක.
මෙහි ඇති ඕනෑම option එකක් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ හැකියාවද සපයා ඇත. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.
ගන්න අපේ දේ.
එම නිසා ඔබත් දැන්ම එය භාගත කරන්න පිවිසෙන්න ,
http://serandibsoft.weebly.com/pencil-350835363505353035233517.html
උපකාරක වීඩියෝව නැරඹීම සඳහා
http://www.youtube.com/watch?v=NVePvoOTUvw
සියළුම හිමිකම් ඇවිරිණි.
Serandibsoft
නිර්මාතෘ,
තුසිත මනතුංග ,
ඉංජිනේරු පීඨය ,
රුහුණ විශ්ව විද්‍යාලය .
CTRL + Q to Enable/Disable GoPhoto.it
ස්තූති........
ලිවුවේ කිවුවේ
Thusitha Manathunga
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...